දෙවියනේ නිදි යහනේදී පියාට යටවී මාස 3ක කිරි කැටියා මරුට

Report

අනුරාධපුර නව නගරයේ සිටි පවුලක මාස තුනක දරුවකු වන ටිනෝෂ් ඩිනොල්ඩ් (මාස 3, දින 28) පෙරේදා (04දා) නිදි යහනේදී පියාට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

පොලිසිය පැවසුවේ, දරුවාගේ මව උදෑසන 6.30ට රැකියාවට ගිය අතර, පියා සහ වැඩිමහල් දරුවා (වයස අවුරුදු 2, මාස 2) නිවසේ ඇඳේ 8.30ට නින්දට ගොස් සිටින බවයි.

පසුව පියා 11.45ට නින්දෙන් අවදි වීමේදී, කුඩා දරුවා පියාගේ ශරීරයට ස්පර්ශ නිසොල්මන්ව සිටි බවත්, පසුව දරුවා වහාම රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය සඳහන් කරයි.

මල්වතු ඔයට වැටුණු අයියගේ සිරුර හමු වෙද්දී නංගි අතුරුදහන් - හද කම්පා කරවන සංවේදී කතාවක්

මල්වතු ඔයට වැටුණු අයියගේ සිරුර හමු වෙද්දී නංගි අතුරුදහන් - හද කම්පා කරවන සංවේදී කතාවක්

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට දරුවා ඇතුළු කරන අවස්ථාවේදීද ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දරුවාගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (05දා) සිදු කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

කොටි එක හමාරක කල් ඉකුත් වූ ආහාර ආගමික මධ්‍යස්ථනයකින් හමුවෙයි

කොටි එක හමාරක කල් ඉකුත් වූ ආහාර ආගමික මධ්‍යස්ථනයකින් හමුවෙයි