දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක්
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයෙන් භාණ්ඩ බෙදා හැරීමේදී අතරමඟ රැඳී සිටින පිරිස් විසින් බලහත්කාරයෙන් භාණ්ඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් පොලිස්පති වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වෙමින් පොලිස්පති නිල කාර්යාලයෙන්ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දන්වා ඇත්තේ අඳාළ තත්ත්වය සම්බන්ධයෙන් සියලුම මු. පො.ප. / ස්ථානාධිපතිවරුන්ගේ පුද්ගලික අවධානය යොමුකර ඔබ බලප්‍රදේශයේ ආපදාවට ලක් වූ පිරිස් වෙත සහ ස්ථාපිත කර තිබෙන සුරක්ෂා මධ්‍යස්ථාන වෙත විවිධ පරිත්‍යාගශීලීන් විසින් සහනාධාර / භාණ්ඩ බෙදාදීමට පැමිණීමේ දී ඇතැම් තැනැත්තන් විසින් සිදු කරනු ලබන භාණ්ඩ අතරමඟ දී බලහත්කාරයෙන් පැහැර ගැනීමේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා සිය පොලිස් වසම තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පියවර ගත යුතු බවටයි.
එසේම යම් පොලිස් ස්ථානයක් වෙත එවැනි සිද්ධියක් පිළිබඳව වාර්තා වුවහොත් නොපමාව විමර්ශන සිදුකර අදාළ තැනැත්තන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බව ද දන්වා ඇත.
එමෙන්ම එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ ආපදාවට ලක් වූ පොලිස් වසම්වල සියලු පොලිස් නිලධරයන් සිය රාජකාරිය අභිබවා ගිය මනුෂ්‍යත්වයකින් යුතුව කාර්යක්ෂමව කටයුතු කරනු ලබන මෙම අවස්ථාවේ දී, දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි සිට පැමිණි පරිත්‍යාගශිලින් ආපදාවන්ට ලක් වී සිටින ජනතාව වෙත භාණ්ඩ බෙදා හැරීම් සිදු කිරීමේදී එය ක්‍රමවත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය සහාය නොමදව ලබාදිය යුතු බවටයි.

