තවමත් පෙළපොත්, නිල ඇඳුම් රෙදි නොලැබුණු පාසල් වලට විශේෂ දැනුම්දීමක්. - මෙම අංකවලට වහාම දැනුම් දෙන්න.

Ministry of Education Sri Lankan Schools
By Wayomi Mar 19, 2024 04:18 AM GMT
Wayomi

Wayomi

Report

2024 වර්ෂය‍ට අදාළව රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී අවසන්ව ඇති බවයි.

කෙසේ වෙතත් මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබඳ පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මඟින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා තිබෙනවා.

පෙළ පොත් සඳහා -

?දුරකථන අංක - 0112784815/0112785306

?ෆැක්ස් - 0112784815

?විද්‍යුත් ලිපිනය - epddistribution2024@gmail.com

නිල ඇඳුම් රෙදි සඳහා -

?දුරකථන අංක - 0112785573

?ෆැක්ස් - 0112785573

?විද්‍යුත් ලිපිනය - schoolsupplymoe@gmail.com   

ReeCha