විපක්ෂේ පක්ෂ අති විශේෂ හමුවක්

Report

විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් එකතු වී අද දින (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවට සඳහන් වේ.

ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාට එරෙහිව රැගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳව බව සඳහන්.

විපක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුවීම සිදුවී ඇති බවට සඳහන්.

මෙහිදී අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විවිධ මත පිළිබඳව සාකච්ඡා කර තිබේ. එමෙන්ම අදාළ යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ පිළිබඳ හෙට (21) දිනයේදී කථානායකවරයා සිය ස්ථාවරය ඉදිරිපත් කරනු ඇති බවටද විපක්ෂයේ දේශපාලන පක්ෂ සඳහන් කර ඇත.

මේ තුන්දෙනාව දැක්කොත් ඒ වෙලේම පොලීසියට කියන්න බෝම්බ සම්බන්ධ අපරාධකරුවන්

මේ තුන්දෙනාව දැක්කොත් ඒ වෙලේම පොලීසියට කියන්න බෝම්බ සම්බන්ධ අපරාධකරුවන්

කෙසේවෙතත් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුකර ඇති බවත් එහි කිසිඳු ගැටලුවක් නොමැති බවත් විපක්ෂයේ දේශපාලන පක්ෂවල මතය වී තිබේ.

ගිය ආණ්ඩු­වට වසර 4කින් කරන්න බැරිවූණු දේවල් අපි මාස ගානෙන් කරා

ගිය ආණ්ඩු­වට වසර 4කින් කරන්න බැරිවූණු දේවල් අපි මාස ගානෙන් කරා

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, එස්. ශ්‍රීධරන්, ෂානක්කියන් රාසමාණික්කම් ඇතුළු සමගි ජන බලවේගයේ මෙන්ම ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයින් ද එක්වී ඇත. මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට දහවල් 12ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.