ආදිවාසි ජනතාවට විශේෂ හැඳුනුම්පතක්...

By Parami Dissanayake Sep 07, 2024 03:03 PM GMT
Report

ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වන සංරක්ෂක සහ වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්...

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්...

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දඹාන සහ රතුගල ආදිවාසීන්ට හැඳුනුම්පත් ලැබීමට නියමිත බව වාර්තා වේ.

මෙලෙස ආදිවාසි ජනතාවට හැඳුනුම්පතක් ලබා දීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ, වැදි ජනයාට වනාන්තරවලට ඇතුළු වී වනයේ සම්පත් බාධාවකින් තොරව භාවිතා කරමින් තම ජීවිකාව ගෙනයාම පහසු කිරීම සදහා ය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් බෙදා අවසන්...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් බෙදා අවසන්...

කෙසේ වෙතත්, ආදිවාසී ප්‍රජා නායකයන් විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමි වන බව වන සංරක්ෂක සහ වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.