මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්
හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින්ගේ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් හට ප්‍රථම වතාවට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හදුන්වාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊට අදාළ විෂය මාලාව හදුන්වාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින ජාතික රෝහල් පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.
වසර 02 ක පුහුණු පාඨමාලාවක් වන මෙම පාඨමාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයෙන් ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන්.
එසේම ශ්‍රී ලංකාවේ 1953 සිට හෘද ශල්‍යකර්ම සිදුකර ඇති අතර, එම කාලයේ සිටි වෛද්‍යවරුන් මෙම තනතුරේ වගකීම දරා තිබෙනවා.
එසේ වුවත් 1980 පසු මෙම තනතුරට වෙනමම නිලධාරින් බඳවාගෙන තිබෙන අතර අද වන විට හෘදපෙනහළු නිවේශක තනතුරේ නිලධාරින් 40 ක් පමණ ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටින බව පවසයි.
එහෙත් එම තනතුරට අදාළව නියමිත පුහුණුවක් මෙරට දී ලබාදීමේ වැඩපිළීවෙලක් නොතිබුණු බැවින් ඒ වෙනුවෙන් හෘදපෙනහළු නිවේශක සංගමයේ අඛණ්ඩ ඉල්ලීමකට අනුව එම පුහුණු පාඨමාලාව ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙසේ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර මෙම අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා විසින් නිර්වින්දන වෛද්‍යවරුන්ගේ දැඩි හිඟය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල කර ඇති බවත්, රෝහල් කාර්ය මණ්ඩල සහ භෞතික සම්පත් වැඩි වුව ද සිදු කරන ශල්‍යකර්ම ප්‍රමාණය අඩුවීමට එය ද හේතු වී ඇති බවත් සඳහන් කළා.
එසේම ඔහු තවදුරටත් කියා සිටියේ හෘද රෝගී සැත්කම් ලේඛනයේ විශාල පිරිසක් ඇති නිසා භෞතික සම්පත් ලබාදෙන අතරම මානව සම්පත සංවර්ධනයට ද පියවර ගන්නා බවයි.
ඒ වෙනුවෙන් ඉදිරියේ දී මෙම ක්ෂේත්‍රයේ දියුණුව අත්‍යාවශ්‍ය බව ද ඔහු පැවසුවා.