ජනපති මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක්.

Sri Lanka Government Of Sri Lanka President of Sri lanka Weather
By Wayomi Sep 06, 2022 12:14 PM GMT
Wayomi

Wayomi

Report

රට තුළ පවතින ආපදා තත්ත්වයන් පිළිබඳ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආපදා තත්ත්වයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 117 දුරකථන අංකය පැය 24ම සක්‍රීය කර ඇති බවත්, ආපදා තත්ත්වයන්ට පූර්ව සූදානම් වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරනවා.

එමෙන්ම මෙම කටයුතු සම්බන්ධයෙන්, අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත ඍජු නියෝග ලබාදෙන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව සඳහන්.

මීට අමතරව ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) පැය 24ම සක්‍රීයව පවත්වා ගැනීමට ද කටයුතු යොදා තිබෙනවා.

එමගින් ආපදාවට ලක්වන පුද්ගලයින්ට ආහාර පාන හා වෙනත් පහසුකම් ලබාදීමට ඇතුළු කටයුතු සම්පාදනය කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW