අනේ ! රත්තරනේ ඔයාගේ ආරක්ෂාවට මේ ඔක්කොම..මෙහෙම වෙයි කියල හීනෙකින් වත් හිතුවේ නෑ..

By Piyumika Oct 28, 2024 03:13 AM GMT
Report

විල්ගමුව - පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ (27) විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි.

මියගිය දරුවාගේ දෙමාපියන් විසින් නිවස හා ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටක් සකස් කර ඇති අතර දෛනිකව සවස 06.00 ට විදුලිය සපයා පසුදින උදෑසන 06.00 ට එය විසන්ධි කිරීමට කටයුතු කර ඇත.

අලුත් අවුරුද්ද පටන් ගන්න තව දින කිහිපයක් තියෙද්දී ඖෂධ හිගයක පෙර නිමිත්තක්ද මේ..

අලුත් අවුරුද්ද පටන් ගන්න තව දින කිහිපයක් තියෙද්දී ඖෂධ හිගයක පෙර නිමිත්තක්ද මේ..

නමුත් සිද්ධිය වූ දින විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වී ඇති අතර මරණයට පත් වූ දරුවා නිවස පිටුපස පිහිටි දිවුල් ගසේ දිවුල් ඇහිඳීම සඳහා ගොස් සිටියදී මෙලෙස විදුලිසැර වැදී ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

විල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.