නාදුනන වෙඩික්කරුවන් පිරිසකගේ තවත් වෙඩි ප්‍රහාරයක්..

Sri Lanka Police Mullaitivu Sri Lanka Gun Shooting
By Piyumika Jul 24, 2024 09:15 AM GMT
Piyumika

Piyumika

Report

මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී අද (24) අලුයම කිසියම් නාදුනන පිරිසක් සිදුකළ වෙඩිතැබීමක් හේතුවෙන් ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට මුලතිව් පොලීසිය පැවසීය .

වතුර ටැංකියක තිබී හමුවූ ඇඟ කිලිපොලා යන දේ..

වතුර ටැංකියක තිබී හමුවූ ඇඟ කිලිපොලා යන දේ..

අදාල ගොවියා රාත්‍රියේ කුඹුරට ගොස් නිදා සිටින අතරවාරයේදී අද අලුයම 3ට පමණ කිසියම් පිරිසක් පැමිණ වෙඩිතැබීම සිදුකොට පලා ගොස් ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ ගොවියා අසල්වාසී ගොවීන් විසින් මුලතිව් මහරෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මරු කොට යවා ඇති බවයි වාර්තා වී තිබෙනුයේ .

"බ්‍රිතාන්‍ය බ්ලූස්ගේ ගෝඩ් ෆාදර්" මිය යයි..

"බ්‍රිතාන්‍ය බ්ලූස්ගේ ගෝඩ් ෆාදර්" මිය යයි..

මෙලෙස වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කල්විලාන් ප්‍රදේශයේ ගොවි සංවිධානයේ ලේකම් තණතුරද දරණ අතර ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි සෙයින් විරෝධය පෑම හේතුවෙන් වැලි ජාවාරම් කරුවන් මෙම වෙඩිතැබීමට සම්බන්ධයක් ඇත්දැයි යන්න සැකයක් පවතින බවටද පොලීසිය පවසා සිටියේය .

කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුකල පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි .

ReeCha