විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්

Report

 අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයේ එරට වේලාවෙන් ඊයේ (17) දහවල් සිදු වූ වෙඩිතැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍යය සඳහන් කළේ, වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

වෙඩිතැබීම සඳහා යෝදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකරුද එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බවට සැකකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට බලධාරින් පියවරගෙන තිබේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කරන්නේ, එම විශ්වවිද්‍යාලයේම සේවය කරන පොලිස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි. ඔහු ඒ සඳහා සිය මවගේ පැරණි තුවක්කුවක් යොදාගෙන ඇති බව සඳහන්.

වසර 16කට පසු පුන පුනා බලා සිටි සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ

වසර 16කට පසු පුන පුනා බලා සිටි සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ

කෙසේ නමුත් සැකකරුගේ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. එමෙන්ම මියගිය අයද විශ්වවිද්‍යාල සිසුන් නොවන බව සඳහන්.

මේ අතර සැකකරු ඉකුත් ජනවාරි මාසයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ පැවැත් වූ විරෝධතාවේදී විරෝධතාකරුවෙකු ලෙසද කටයුතු කර තිබේ.

නැවැත් වූ චීන ව්‍යාපෘති 76ක් යළි අරඹයි ජනපති කියයි

නැවැත් වූ චීන ව්‍යාපෘති 76ක් යළි අරඹයි ජනපති කියයි