වසර 16කට පසු පුන පුනා බලා සිටි සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ

By Mithu Apr 18, 2025 01:43 AM GMT
Report

 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී “සිරි දළදා වන්දනාව’’ අද සිට (18 වැනිදා) ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක, විදෙස් තානාපතිවරු ඇතුළු ප්‍රභූන් රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී දළඳා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

වසර 16 කට පසුව පැවැත්වෙන “සිරි දළදා වන්දනාව’’ අද (18 වැනිදා) සිට 27 වැනිදා දක්වා දින 10 ක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී දළදා වහන්සේ අද (18 වැනිදා) දිනයේදී පස්වරු 3 සිට පස්වරු 5.30 දක්වා මහජනතාවට ප්‍රදර්ශනය කෙරෙන අතර, හෙට (19 වැනිදා) සිට දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..

“සිරි දළදා වන්දනාව’’ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලක්ෂ 20 ක පමණ බැතිමතුන් පිරිසක් සහභාගි වෙතැයි පොලිසිය සඳහන් කරයි.