නැවැත් වූ චීන ව්‍යාපෘති 76ක් යළි අරඹයි ජනපති කියයි

Report

 නවතා තිබූ චීන ව්‍යාපෘති 76ක් යළි ආරම්භ කිරීමට තම රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. එමෙන් ම, නතර කර තිබු තෙල්දෙණිය විශාල ජල ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට චීනය එකගතාව පළකර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ජූනි සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම

ජූනි සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම

ආර්ථික කඩාවැටීම හමුවේ මෙරට ආරම්භ කර තිබූ විදෙස් ව්‍යාපෘති සියල්ල අතරමඟ නැවතුණු බව පැවැසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජපන් රජය සමග නතර වී තිබූ ව්‍යාපෘති 11ක් ආරම්භ කර තිබෙන බව ය.

චීන රජය ආරම්භ කළ කඩවත – මීරිගම කොටස අතරමඟ නතර වීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 21ක වන්දි ගෙවීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.

රටේ ආර්ථිකය ස්ථාවර වීමත් සමග අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන බවත් පසුගිය වසර 5-6 ඇතුළත කිසිදු ව්‍යාපෘතියක් සිදුවුණේ නැති බව ත් පැවැසූ ජනාධිපතිවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ රජය නව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට සැලසුම් කර රට යළි වැඩ බිමක් බවට පරිවර්තනය කර තිබෙන බව ත් ය. මහනුවර පැවැති ජන රැලිය අමතමින් ඔහු මේ බව කීය.

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..