නෞකා අනතුරක් ! තිදෙනෙකුට බරපතලයි

United States of America New York Accident World Sinhala news
By Hashan May 18, 2025 04:01 AM GMT
Hashan

Hashan

Report

මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබෙනවා.

අදාළ නෞකාව අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් සිටි අතර තුර මෙලෙස ගැටීමකට ලක් වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.   

අනතුරින් පුද්ගලයින් 22කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.  අනතුර සිදු වන අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් සිට තිබෙනවා.   

ඇමරිකාවට දරුණු සුළි කුණාටු තත්ත්වයක් ..25ක් මරුට

ඇමරිකාවට දරුණු සුළි කුණාටු තත්ත්වයක් ..25ක් මරුට

අනතුරින් පසු විනාඩි 40කට ආසන්න කාල සීමාවක් සඳහා පාලම වසා දැමීමට නිව්යොර්ක් නගරයේ බලධාරීන් පියවර ගෙන තිබුණා.   

කෙසේ නමුත් පසුව නැවත පාලම විවෘත කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණා.   

අනතුරින් පාලමට කිසිදු හානියක් සිදුව නොමැති බව නිව්යෝර්ක් නගරාධිපතිවරයා සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.