වසර 16ට පසු ලංකාවට දරුණු රෝගයක්

Hospitals in Sri Lanka Latest Headlines Sinhala news
By Mithu May 25, 2025 09:56 AM GMT
Mithu

Mithu

Report

වසර 16කට පමණ පසු ශ්‍රී ලංකාව පුරා චිකුන්ගුන්යා වෛරස් රෝගය විශාල ලෙස පැතිරෙමින් තිබෙන බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වත්මන් වෛරසය ඉන්දීය සාගර පරම්පරාවේ අද්විතීය විකෘති කිහිපයක් සමග ඇති වන බව සොයාගෙන ඇති බවයි.

සජිත් රත් වෙයි - ඉස්සරහට මොනවා වෙයිද ? (UPDATE)

සජිත් රත් වෙයි - ඉස්සරහට මොනවා වෙයිද ? (UPDATE)

ශ්‍රී ලංකාව පුරා මේ දිනවල ශීඝ්‍රෙයන් පැතිර යන චිකුන්ගුන්‍යා වෛරස් රෝගය පිළිබඳව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළ පිරිසක් විවිධ පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු කණ්ඩායමක් සමග කළ අධ්‍යයනයක පර්යේෂණ පත්‍රිකාවක් ගෙනහැර දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ පණිවුඩයක් නිකුත් කළා.

‘X’ සමාජ මාධ්‍යයේ පණිවුඩයක් තබමින් ඇය පවසන්නේ, වත්මන් චිකුන්ගුන්‍යා වෛරස ප්‍රභේදය හඳුනාගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් නැනෝපෝර් විශ්ලේෂණ පද්ධතිය භාවිත කරමින් සම්පූර්ණ ජානමය අනුක්‍රමණයක් කළ බවයි. ඒ අනුව මෙම වෛරසය ඉන්දීය සාගර පරම්පරාවේ අද්විතීය විකෘති කිහිපයක් සමග ඇති වන බව ද සොයාගෙන තිබෙනවා.

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

ඒ අනූව ශ්‍රී ලංකාව වසර 16කට පසු, පසුගිය වසර අවසානයේ සිට චිකුන්ගුන්‍යා විශාල වසංගතයක් ලෙසින් අත්විඳිමින් සිටින බව මහාචාර්ය නිලීකා මලවිගේ තැබූ පණිවුඩයේ සඳහන්. මෙරට පැතිර යන 2025 චිකුන්ගුන්යා ප්‍රභේදයේ අද්විතීය විකෘති පෙන්නුම් කරන බවත් ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීනය තුළ තවත් විකෘතිතා අනාවරණ වූ බවත් ඇය සඳහන් කර තිබෙනවා.

ReeCha