අධිවේගයේ දරුණු අනතුරක් වාහන 4ක් එකට හැප්පේ

Accident Latest Headlines Sinhala news gagana news
By Mithu Aug 23, 2025 07:25 AM GMT
Mithu

Mithu

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ ගොඩගම අතර ප්‍රදේශයේදී දරුණු අනතුරක් සිදුවී තිබේ.

ඒ අනුව සිමෙන්ති ලොරියක් සමග වාහන හතරක් ගැටී හතර දෙනකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

තුවාල ලැබූවන් අතර බස් රථයේ කොන්දොස්තරවරයා සහ මගියෙකු ද සිටින බව සඳහන්. සිමෙන්ති ලොරිය අපරැක්ක ප්‍රදේශයේ සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් තිබියදී පසු පසින් කොළඹ දෙසට ධාවනය වූ බස් රථය එහි ගැටීමත් සමගම මෙම අනතුර සිදුවී තිබෙනවා.

කෙහෙලියට කැස්සලු ඒ නිසා අල්ලස් කොමිසමට එන්න බෑලු

කෙහෙලියට කැස්සලු ඒ නිසා අල්ලස් කොමිසමට එන්න බෑලු

සිමෙන්ති ලොරියේ පසුපස ගබඩා කර තිබූ සිමෙන්ති තොගයක් මාර්ගයට වැටී විසිරී යාමෙන් පිටුපසින් පැමිණි මෝටර් රථයක් සහ වෑන් රථයක්ද එකිනෙක ගැටී අනතුරට ලක්වුණා.

අධිවේගී රථවාහන පොලිසිය පවසන්නේ මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගය පුරා සිමෙන්ති කුඩු විසිරී යාමෙන් දැඩි දුමාරයක් අවට පැතිරී ඇති බවයි.

"මම එතුමාව හමුවුණා" - රනිල්ව හමුවූ සජිත් රටට කියූ කතාව

"මම එතුමාව හමුවුණා" - රනිල්ව හමුවූ සජිත් රටට කියූ කතාව

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා මතුව තිබෙනවා. අනතුර සිදුවූ ප්‍රදේශයේ මීටර් පන්සියයක පමණ ප්‍රමාණයක් ගොඩගම සිට කොළඹ දෙසට එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවුණා.

මේ වන විට මාර්ගය පුරා විසිරී තිබෙන සිමෙන්ති ඉවත්කර යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. අනතුරින් බස් රථයේ වම්පසට දැඩි හානි සිදුවී ඇති අතර අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

පොලිස් ලොක්කෙක්ට අනතුරක්

පොලිස් ලොක්කෙක්ට අනතුරක්