රෑ වෙනකල් උසාවි ඇරගෙන ලයිට් ඕෆ් කරලා මොනවද මේ කරන විගඩම්, අද රනිල්ට නම් හෙට අනුරට - විමල්
විපක්ෂය මල් පාරට රැස්වූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා ඇත.
එහිදී ඔහු සඳහන් කළේ,

රනිල් වගේම තමයි ඇයි ඔයත් ජර්මනි ට්‍රිප් ගියේ, අම්මව බලන්න හොස්පිටල් ගාණේ ගියේ ඒවත් වැරදි තමයි - ගම්මන්පිලගෙන් සද්දයක්
" මේ රටේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් අද ගොඩ නැගෙමින් තිබෙනවා. මේක ඉතාම නරක ප්‍රවණතාවයක්. කළ යුතුව තියෙන්නේ මුල්‍ය අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවක් පිහිටුවලා ඒ අනුව එන සාක්ෂි විභාග කරලා ඒ අනුව එන අධිකරණ ක්‍රියා මාර්ග ගන්න. නමුත් එහෙම නැතුව තමන්ට විරුද්ධ පක්ෂය කෑලි කෑලිවට බෙදලා බිය ගන්වලා ත්‍රස්ත පාලනයක් ගෙන යන්න ව්‍යවස්ථානුකූලව මේ ඒකාධිපතිත්වයක් පණ ගන්වන එක කිසි සේත්ම සාධාරණ නෑ. ඉතින් ඒක කාටද වෙන්නේ හෙට අනුර කුමාර දිසානායකට මේක වුණත් අපි මේ විදිහට මීට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නවා. මෙතන තියෙන්නේ රනිල් වික්‍රමසිංහද අනුරද කියලා නෙවෙයි ඇත්තටම මේ රටේ ආර්ථික අපරාධ ගැන වග විභාගයක් කරලා සාධාරනය ඉටු කරන්න ඕනේ නම් මුල්‍ය අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවක් පිහිටුවන්න. ඒ කරලා සමාජයට ඇවිත් සාක්ෂි දෙන්න ඉඩ දෙන්න. එහෙම නැතුව තමන්ගේ පටු පරමාර්ථ මුදුන්පත් කර ගන්න රෑ වෙනකල් උසාවි ඇරගෙන ලයිට් ඕෆ් කරලා නීතිය ගැන තියෙන විශ්වාසේ බිඳ වට්ටලා මෙහෙම විගඩම් කරන්න එපා " යනුවෙන්.