ලෙඩ වුණ රනිල් කොළඹ ජාතික රෝහලට මරු කරයි [UPDATE]

Report

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඒ ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුවයි. 

..................................................................

සීනියි රුධිර පීඩනෙයි නැගලා හිටපු රනිල්ව කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ [3.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඒ අනුව ඔහුගේ රෝගී තත්ත්වය පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් අදාළ නිර්දේශය ලබාදී ඇති බව පවසයි.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණේ රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම නිසා.

එමෙන්ම මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් ආහාර ලබාදීමටද නිර්දේශ කර තිබෙන බව වාර්තා වේ.

එබැවින් ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද සඳහන්.

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි