හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි, සිංහල නොතේරෙන නිසා ඉංග්‍රීසියෙන්ම යවයි

Report

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරු ලෙස නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන සැප්තැම්බර් මස 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමෙන් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නොතීසි නිකුත් කර තිබෙනවා.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

එසේම මේ වනවිට සිංගප්පූරුවේ වාසය කරන බව සඳහන් වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ඉකුත් වසරේ නොතිසී නිකුත් කර තිබුණත් එම නොසීසි නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බව අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.

එනිසා මෙවර සැකකරුට ඉංග්‍රීසි භාෂාවෙන් නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. එය පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙසේ නොතිසි නිකුත් කළ බව වාර්තා වේ.

පහුගිය 2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහා බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් බැඳුම්කර පර්පචූවල් ට්‍රෙෂරීස් සමාගමට විකිණීමෙන් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමෙන් දූෂණ විරෝධී පනත යටතේ අර්ජුන මහේන්ද්‍රන් මහතාට විරුද්ධව මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙනවා.

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට