රනිල්ට රට යන්න මුදල් අනුමත කලාට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකටත් වැඩ වරදී

Sri Lanka Police Ranil Wickremesinghe Crime Law and Order Latest Headlines
By Ashfa Aug 23, 2025 10:07 AM GMT
Ashfa

Ashfa

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සම්බන්ධ නඩුවේදී එම විදෙස් සංචාරයට මුදල් අනුමත කල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාව විමර්ශනයට ගෙන ඇති බව පොලිසිය වාර්තා කරයි.

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම හා එහි විමර්ශන සම්බන්ධයෙන් අද (23) පැවති පොලිසීයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර, නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා පැවසුවේ සමන් ඒකනායක මහතාවැඩ අත්අඩංගුවට ගැනීමට සුදානම් බවයි.

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

නමුත් විමර්ශන කටයුතු තවමත් සිදුවන තත්ත්වයක වැඩිදුර අදහස් දැක්විය නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා පවසයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබුණු අතර එහිදී වාර්තා වුයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූර කාලයේදී එනම් 2023 වසරේ සැප්තැම්බර් 22 සහා 23 එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත ගොස් තිබූ අතර සංචාරය නිම කරමින් හිටපු ජනාධිපතිවරයා නැවතට දිවයිනට පැමිණීමට පෙර ලන්ඩන් නුවරට ගොස් තිබුණේ, සිය බිරියවන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වීමට බව වාර්තා විය.

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

එහිදී ආරාධනාව හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිඳට බ්‍රිතාන්‍යයේ වූල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටර් විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා නිල වශයෙන් ලබා දී තුබුන නමුත් අදාළ සංචාරයේදී රජයේ මුදල් අවභාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගීවී ඇති බවට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් ගොනුකර තිබූ බව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර එම දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් හා වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද පසුගිය දා ප්‍රකාශ ගත් අතර වික්‍රමසිංහ මහතාට ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.