නගරයකින් හිටිහැටියේම රතු වයින් ගංගාවක් ගලා යයි.. - සියල්ලන්ම මවිතයට පත් වෙලා වීඩියෝ කරලා. (VIDEO/PHOTOS)

By krishani Sep 12, 2023 11:43 AM GMT
Report

පෘතුගාලයේ ලෙවීරා නමැති කුඩා නගරයේ වීථි පුරා රතු වයින් ගංගාවක් ගලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය දුටු නගරවාසීන් පුදුමයට පත්ව සිටින අතර නගරයේ මාර්ගවල අඛණ්ඩව වයින් ගලා යන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුල හුවමාරු වී තිබෙනවා.

රතු වයින් ලීටර් මිලියන 2.2 ක් පමණ එලෙස මාර්ගවල ගලා ගොස් අපතේ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. 

එලෙස මාර්ගවලට වයින් ගලාවිත් ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටි ස්කාගාරයකින් බව වාර්තා වේ.

බෝතල් කිරීම සඳහා බැරල්වලට එක් රැස් කර තිබූ වයින් එලෙස මාර්ගවල ගලා ගොස් ඇතැයි ද පැවසෙනවා.

නමුත් එලෙස බැරල්වලින් එපමණ වයින් ප්‍රමාණයක් ගලා ගියේ කෙසේදැයි මෙතෙක් වාර්තා වී නොමැත.

ස්කාගාරයෙන් ගලා ගිය වයින් ප්‍රමාණය ඔලිම්පික් ක්‍රීඩාංගනයක පිහිටි පිහිනුම් තටාකයක් සම්පූර්ණයෙන් පිරවිය හැකි බව ද සඳහන් වේ.

වයින් ගලා යාම හේතුවෙන් ස්කාගාරය ආසන්නයේ පිහිටි මහල් නිවසක පහළ මාලය වයින් වලින් යට වී තිබෙනවා.

ඒ ආසන්නයේ පිහිටි ගංගාවකට වයින් මිශ්‍රවීම වළක්වා ලීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර නගරය පිරිසිදු කිරීමේ සහ හානි වූ නිවාස වලට වන්දි ලබාදීමට අදාළ ස්කාගාරය අයත් සමාගම එකග වී ඇති බව ද වාර්තා වේ.

විඩියෝ දර්ශන පහතින් නරඹන්න,



ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)




GalleryGalleryGalleryGallery