කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්...
By Parami Dissanayake
අද (06 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයට කැඳවා ඇත.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් යැයිද මේ සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානයට යොමුකරන බව ද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
''ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු වෙනවා. ඒ වගේම රටේ මැතිවරණ නීතිය උල්ලංඝනය වීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානයට යොමුකරනවා. අද සවස ලංකාවෙම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෝටර්ස් එජ් හෝටලයට කැඳවා තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවා තිබෙන්නේ. මැතිවරණයට සහය ලබාගැනීම මෙහි අරමුණයි. මහනුවරින් බස් දෙකක් පිටත් වෙනවා. මේ එන අයට රුපියල් පන්දහසක වව්චරයක්ද දෙනවා.මෙය පැහැදිලිව මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්...''
යනුවෙන් ඔහු අදහස් දක්වා ඇත.