ලෝක ජනතාව ටොන් 130ක් අපතේ යවන දෙයක් පිළිබදව අනාවරණයක්

Report

ලෝකයේ ජනතාව ආහාර ටොන් කෝටි 130 ක් වසරකට අපතේ යවන බවත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විමලේන්ද්‍ර ෂරන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ජනතාව ගෝලීයව අපතේ යවන ආහාර ටොන් 130 න් වසරකට කෝටි 300 ක ජනතාවගේ බඩගින්න නැති කිරීමට හැකි බව ෂරන් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවද ආහාර අපතේ යාමේ අභියෝගයට මුහුණදී සිටින බවත් අවසන් වරට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආහාර නාස්තිය පිළිබඳව සිදුකළ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාව දිනකට ආහාර අපද්‍රව්‍ය ටොන් 3963ක් ජනනය වන බව අනාවරණය වී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව වසරකට ජනනය වන ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් ලක්ෂ 14.4 ක් බවද ඔහු පෙන්වා දුන්නේය.

විෂ මත්පැන් පානය කිරීමෙන් 11ක් මරුට

විෂ මත්පැන් පානය කිරීමෙන් 11ක් මරුට

මෙරට නාගරික අපද්‍රව්‍ය වලින් සියයට 50ත් 76ත් අතර ප්‍රමාණයක් තිබෙන්නේ ආහාර අපද්‍රව්‍ය බවත් ඔහු පැවැසුවේය. ඉන් සියයට 38 ක් ගෘහස්ථ ආහාර අප ද්‍රව්‍ය බවත් තවත් සියයට 24 ක් අවන්හල්වලින් ජනනය වන බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම තවත් සියයට 16ක් වෙළෙඳපොළවලින් සහ සියයට 12ක් මස්කඩ වලින් ජනනය කරන බවද ඔහු පැවැසුවේය. වැඩිම ආහාර නාස්තියක් සිදුවන්නේ බස්නාහිර පළාතෙන් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 60 ක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

අද ඩොලරයේ අනුපාතය - මිල ගණන් මෙන්න

අද ඩොලරයේ අනුපාතය - මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම පුද්ගලයකු ආහාර කිලෝ ග්‍රෑම් 76 ක් අපතේ හරින බව ඔහු පැවැසුවේය. 2023 වසර පුරාවට එකතු කළ දත්ත වලින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ ආහාර අපතේ යාම පිළිබඳව මෙම සමීක්ෂණය සිදුකළ බවද ඔහු ප්‍රකාශ කළේය.

ලෝකයේ ජනතාව 2030 වසර වනවිට කෝටි 850 කට ආසන්න වනු ඇතැයි ද ඔහු පැවැසිය. අනිද්දා(29) යෙදී තිබෙන ආහාර නාස්තිය අවම කිරීමේ ජාත්‍යන්තර දිනය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විමලේන්ද්‍ර ෂරන් මහතා මෙම අදහස් පැවැසුවේය.

නියෝජ්‍ය ඇමැති වටගල නාමල්ගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි

නියෝජ්‍ය ඇමැති වටගල නාමල්ගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි