ඇත්තම තත්වේ මොකක්ද.. කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑමක්ද .. වෙළෙඳපොළේ නාඩු සහල් ගැන හෙළි වූ දේ..

Anura Kumara Dissanayaka Sri Lanka Sri Lanka Market Rice Stock Market
By Piyumika Nov 11, 2024 02:09 AM GMT
Piyumika

Piyumika

Report

වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

එමෙන්ම ඉකුත් සති කිහිපයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් මිල ගණන් ඉහළ ගිය අතර නාඩු සහල්වල හිඟයක් ද පැවතුණි.

එහෙනම් මෙන්න මේක තමා හේතුව ..තාක්ෂණික ශිල්පියාගේ ඇඳ යටින් හමුවූ දේ..

එහෙනම් මෙන්න මේක තමා හේතුව ..තාක්ෂණික ශිල්පියාගේ ඇඳ යටින් හමුවූ දේ..

ඒ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවිකරන ලෙස දැනුම් දුන් අතර, ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය.

එමෙන්ම රට තුළ පවතින වී සහ සහල් තොග පිළිබඳ දත්ත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ජනපතිවරයා දුන් උපදෙස් අනුව පාරිභෝගික අධිකාරිය සැකසූ වාර්තාවද ඉකුත් නොවැම්බර් 06 වනදා ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

එහෙත් තවමත් වෙළෙඳපොළේ ඇතැම් සහල් වර්ගවල හිඟයක් පවතින බවත්, තිබෙන සහල් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කෙරෙන බවත් ජනතාව සහ වෙ‍ෙළඳුන් පවසයි.

පියාට පහරදුනා කියා තරහ ගිය පොලිස් පුතු කල දේ..

පියාට පහරදුනා කියා තරහ ගිය පොලිස් පුතු කල දේ..

කෙසේවෙතත් රට තුළ වී සහ සහල් තොග පිළිබඳව ලබාගත් වාර්තාවට අනුව ප්‍රමාණවත් තරම් නාඩු සහල් පවතින බව වෙළෙඳ අමාත්‍යංශ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා පවසයි.

මිල වැඩිකිරීමේ අරමුණින් ඇතැම් මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑමට කටයුතු කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ මීට විසඳුම් ලබා දෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

ReeCha