පාරිභෝගික අධිකාරියෙන් වැටලීමක්.
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් කොළඹ - ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳසැල් සොයා වැටලීමක් ආරම්භ කර තිබෙනවා.
එම අධිකාරියේ නිලධාරින් විසින් එහිදී වැඩි මිලට අලෙවි කිරීමට සුදානම් කර තිබූ කීරි සම්බා සහල් සහ කැකුළු සහල් තොගයක් සොයාගෙන තිබෙනවා.
වෙළඳසැල් හිමියන් විසින් පාරිභෝගිකයන්ට පවතින මිලට වඩා ඉහළ අගයකට සහල් අලෙවි කර ඇති බව මෙම වැටලීම සිදු කිරීමේදී අනාවරණය වී ඇත.