ත්‍රිරෝද රථ හිමි ඔයා මේ ගැන දැනුවත්ද..ඔබේ ත්‍රිරෝද රථය ගැන වැඩි අවදානයෙන් සිටින්න..

Report

 ත්‍රිරෝද රථ සොරකම් කර ඒවා වෙනස් කර; භාවිතයෙන් ඉවත් කරන ලද ත්‍රිරෝද රථවල පොත් යොදාගෙන විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට කොම්පඤ්ඤවීදිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හැකියාව ලැබී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවෙන් විශේෂ අනාවරණයක්..

කොළඹ මහ නගර සභාවෙන් විශේෂ අනාවරණයක්..

එහිදී සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 09ක් ද සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගරාජයත් තුළ සොරකම් කරන ලද මෙම ත්‍රිරෝද රථ වෙනස් කිරීම්වලට ලක්කර ඇති අතර, එලෙස වෙනස් කිරීම් සිදුකළ රථ ෆේස්බුක් හරහා දැන්වීම් පළකරමින් අලෙවිකරන බවයි අනාවරණය වී ඇත්තේ.

ඉතා සූක්‍ෂම අයුරින් කෙරුණු ඉන්ධන විකිණීමේ ජාවාරමක් මාට්ටු..

ඉතා සූක්‍ෂම අයුරින් කෙරුණු ඉන්ධන විකිණීමේ ජාවාරමක් මාට්ටු..

ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

You may like this video