පෞද්ගලික බස් රථ වර්ජනයක්.

By Hashini Aug 30, 2023 09:50 AM GMT
Report

අද (30) පෙරවරුවේ සිට හලාවත - මීගමුව මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේදී ලංගම බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

හලාවත - මීගමුව මාර්ගයේ පෞද්ගලික බස්රථ 38ක් පමණ ධාවනය කෙරෙනවා.