බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු ජීවිතක්ෂයට.

World a-prison-fire- Indunisia
By Aruna Sep 08, 2021 05:05 AM GMT
Aruna

Aruna

Report

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනේ පිහිටි බන්ධනාගාරයක අද අලුයම් කාලයේ සිදුවූ ගින්නකින් එහි රැඳවියන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එහිදී 08 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, තවත් හැත්තෑ දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි ජාකර්තා නුවර පොලිස් ප්‍රධානියා සඳහන් කළේ. ගින්න ඇතිවන අවස්ථාවේ රැඳවියන් නින්දේ පසුවී ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

එහෙත් එය බොහෝ දුරට විදුලි කාන්දුවක් නිසා සිදුවන්නට ඇතැයි බලධාරීන් සැක පළ කරනවා.

ජාකර්තා නුවරට තදාසන්නව පිහිටි මෙම බන්ධනාගාරයේ රැඳවියන් වැඩි දෙනෙක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා සිරගත වූවන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now