දැරියකට විදුහල්පතිවරයෙක් කළ නොහොබිනා දෙය - දැරිය පොලීසියට සියල්ල කියලා..

Report

16 හැවිරිදි සිසුවියක් එම පාසලේම විදුහල්පතිවරයා විසින් ලිංගික අතවරයට ලක්කර ඇති පුවතක් පිළිබඳව තොරතුරු නිකවැරටිය කබල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.

දැරියකට විදුහල්පතිවරයෙක් කළ නොහොබිනා දෙය - දැරිය පොලීසියට සියල්ල කියලා.. | A Principal Was Arrested At Nikawaratiya

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

විදුහල්පතිවරයා විසින් ඔහුගේ මොටර් රථය තුළ දී ඇය මෙලෙස ලිංගික අතවරයට ලක් කළ බවට අදාළ සිසුවිය පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් පෙත්සමක් මාර්ගයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී ඇති බව සඳහන් වේ.

ඒ අනුව සැකකාර විදුහපල්පතිවරයා ඊයේ (30) දිනයේ නිකවැරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කතුන්ට අතවර කරලා, බලගතු පවුලක දේශපාලන ප්‍රබලයෙක් රටින් පලා ගිහින්?. විශේෂ මෙහෙයුමකින් වහාම අත්අඩංගුවට..(PHOTOS)

කතුන්ට අතවර කරලා, බලගතු පවුලක දේශපාලන ප්‍රබලයෙක් රටින් පලා ගිහින්?. විශේෂ මෙහෙයුමකින් වහාම අත්අඩංගුවට..(PHOTOS)


එමෙන්ම, අතවරයට ලක් වූ අදාළ සිසුවිය තමන් 11 හැවිරිදි වියේද අපයෝජනයට ලක්වූ සිද්ධියක් පොලිසියට හෙළි කර තිබූ සිද්ධියකට අදාලව ඊට සම්බන්ධ තරුණයා ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මේ වන විට සිසුවිය නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.