නුවරඑළියට ඡන්ද මධ්‍යස්ථානයක් අහිමිවේ..

Report

මැතිවරණ ඉතාහාසයේ සිටම ඡන්ද මධ්‍යස්ථානයක ලෙස යොදා ගත් නුවරඑළිය රජයේ සේවකයන්ගේ ක්‍රීඩා සමාජ ශාලාව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අවන්හලක් සඳහා බදු දීම නිසා මෙවර ඡන්දය මධ්‍යස්ථානයක් අහිමී වී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පැවසීය .

අංක 5 හාවාඑළිය උතුර මැතිවරණ මධ්‍යස්ථානය ලෙස යොදාගත් එම ගොඩනැගිල් වෙනුවෙන් මැතිවරණ නිලධාරින් මේ වන විට එම ඡන්ද කොට්ඨාශය සඳහා වෙනත් ගොඩනැගිල්ලක් සොයමින් සිටින බව දැනගන්නට ඇත.

මේෂ, මිථුන සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් ලැබෙන ප්‍රතිඵලය දරුණුයි..

මේෂ, මිථුන සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් ලැබෙන ප්‍රතිඵලය දරුණුයි..

මෙතුවක් කල් ඡන්දය පැවැත් වූ පැරණි ගොඩනැගිල්ල, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පෞද්ගලික ව්‍යාපාරිකයකුටවසර 20 ක කාලයක් සඳහා බදු දී තිබේ .

මෙරට පාලනය කළ එංගලන්ත ජාතිකයින් එම ගොඩනැගිල්ල 1941 වසරේදි ඉදි කර ඇත්තේම, රජයේ සේවකයන් සඳහා ක්‍රීඩා සමාජ ශාලාවක් ලෙසය.

එය වර්ෂ ගණනාවක් පුරාම ක්‍රීඩා සමාජ ශාලාවක් ලෙස පැවති අතර, විවිධ වකවානුවල රජයේ මුදල් විශාල වශයෙන් යොදවා ගොඩනැගිල්ල නවීකරණය කිරීමටත්, අවශ්‍ය කායවර්ධන උපකරණ මිලදි ගැනීමටත් විශාල මුදලක් වැය කොට තිබුණි.

ඉන්දීය භට පිරිසක් ලංකාවට ඇවිත්.. මොකක්ද මේ කරන්න යන්නේ..

ඉන්දීය භට පිරිසක් ලංකාවට ඇවිත්.. මොකක්ද මේ කරන්න යන්නේ..

එම ගොඩනැගිල්ල ‌පෞද්ගලික අංශයට පැවරීම හේතුවෙන්, එහි තිබු ක්‍රීඩා උපකරණ ගලවා ඉවත් කර ඇත.

එසේම රක්ෂිතයක් ලෙස පැවතින එම භුමියේ කබානා ඇතුළු වෙනත් ඉදිකිරිම් සඳහා ඉපැරණි ගස් ඉවත් කිරීම සඳහාද අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.