පොලිස් ජෝඩුවක් එකතු වෙලා කතකට කර ඇති නොමනා වැඩේ..

Sri Lanka Police Facebook Sri Lanka
By Piyumika Oct 10, 2024 04:17 PM GMT
Piyumika

Piyumika

Report

 අපහාසාත්මක අසත්‍ය දැන්වීමක් සකස්කර මුහුණු පොතේ ගිණුමක් හරහා ප්‍රසිද්ධ කර අපහාස කර ඇතැයි පවසමින් කාන්තාවක් විසින් පොලිස් අඹුසැමි යුවළකට එරෙහිව නාරාහේන්පිට පොලිසියට ඉකුත් (7දා) පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ කාන්තාවක් විසින් එම පැමිණිල්ල කර ඇත.

ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක විමර්ශනවල ප්‍රමුඛයකු අපරාධ විශ්ලේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කරයි ...

ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක විමර්ශනවල ප්‍රමුඛයකු අපරාධ විශ්ලේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කරයි ...

ඉකුත් සැප්තැම්බර් මස 29 වැනි දින මුහුණු පොතේ ගිණුමක් හරහා පැමිණිලිකාර කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා මෙන්ම දරුවන්ද සම්බන්ධ කර ගනිමින් ඇයට සහ ඇයගේ පවුලේ අයගේ කීර්ති නාමයට හානි සිදුවන අයුරින් අපහාසාත්මක අසත්‍ය දැන්වීමක් සකස් කර ඇති බවත් ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඒ සඳහා එම කාන්තාවගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස සහ පසුපස ඡායාරූප යොදාගෙන ඇති බවටත්, පැමිණිලිකාර කාන්තාව සැමියා සමග අනියම් සම්බන්ධතාවක් පවතින බවට පවසමින් දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, හඬ පණිවිඩ ඔස්සේ මරණ තර්ජනද සිදු කරන බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ලෝක කුසලාන තරග මග දමා හදිසියේම සානා යළි මව් රටට

ලෝක කුසලාන තරග මග දමා හදිසියේම සානා යළි මව් රටට

මුහුණු පොතේ ගිණුමේ හිමිකාරිය නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂකවරියක් බවත්, ඇයගේ සැමියා නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි ද උසස් ද පොලිස් නිලධාරියා කීය.

අදාළ පැමිණිලිකාර කාන්තාව මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විශ්ලේෂණ කාර්යාංශයට හා පොලිස්පති සහන මැදිරියටද පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.