ජනාධිපති අපේක්ෂකයෙකුට පහරදීමේ සැලසුමක් ගැන විශේෂ අනාවරණයක්..
ජනාධිපති අපේක්ෂකයෙකුට පහරදීමේ සැලසුමක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.
මහනුවර ප්‍රදේශයේ හිටපු පොලිස් නිලධාරියෙකු විසින් ලබාදුන් රහසිගත තොරතුරකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි ප්‍රධාන මාධ්‍ය ආයතනයක් විසින් හෙළිදරව් කර ඇත්තේ.
මෙහිදී ඔත්තුකරුගෙන් ප්‍රකාශයක් දැනටමත් සටහන් කරගෙන ඇති බවද වාර්තා වනවා.
ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිසියට උපදෙස් දී ඇත්තේ විමර්ශන කටයුතු කරගෙන යන ලෙසත් සැකකරුවන් හඳුනා ගතහොත් අත්අඩංගුවට ගන්නා ලෙසත්ය.
මේ සම්බන්ධයෙන් ඉතා රහසිගත වාර්තාවක් සැප්තැම්බර් 2 වැනිදා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණි.