බ්‍රසීලයේ ගුවන් අනතුරක්.
By Hashini
වයඹ දිග බ්‍රසීලයේ අක්රේ ප්‍රාන්තයේ යේදී ගුවන් යානයක් කඩා වැටි තිබෙනවා.
එම ගුවන් අනතුරින් පුද්ගලයන් 12 දෙනෙකු මිය තිබෙනවා.
තනි එන්ජිමකින් යුත් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදා ගන්නා මෙම යානය කඩා වැටීමෙන් පසු ගිනි ගෙන ඇති බව සඳහන්.
යානය අනතුරට ලක් වන අවස්ථාවේ කුඩා දරුවෙකුද එහි සිට තිබෙනවා.
මිය ගිය පිරිසේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, අනතුරට හේතු වූ කරුණු පිළිබඳව මේ වන විට විමර්ශන කටයතු සිදු කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.