නිවසේ තිබු ත්‍රීරෝද රථය ගැන පරස්පර පිළිතුරු ලබා දුන් 'මිහිකතවත්ත ඇපලා' ඇතුළු හතරක් අත්අඩංගුවට ..

Report

වාහන සොරකම් කර සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා ලබාදෙන ප්‍රධාන පෙළේ කල්ලියක සාමාජිකයින් සිව්දෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබේ.

බිරිදව මරා නෑනාටත් තුවාල සිදු කල පවුල් ආරවුල..

බිරිදව මරා නෑනාටත් තුවාල සිදු කල පවුල් ආරවුල..

කළුතර, කටුකුරුන්ද ඇතුළු ප්‍රදේශ ගණනාවකින් වාහන සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධ ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයක දී මොවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන ලද්දේ.

කළුතර, මිහිකතවත්ත ප්‍රදේශයේ නිවසක ත්‍රීරෝද රථයක් සඟවා ඇති බවට විමර්ශන නිකධාරින්ට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් එහි ගොස් ඒ සම්බන්ධයෙන් සොයාබලා තිබේ.  එහිදී අදාළ ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් පරස්පර පිළිතුරු ලබාදුන් එම නිවසේ සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “මිහිකතවත්ත ඇපලා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්ය.

දින පනස්තුනක දෙවෙනි විවාහයකට සුදානම් වන පෘථිවිය ..(VIDEO)

දින පනස්තුනක දෙවෙනි විවාහයකට සුදානම් වන පෘථිවිය ..(VIDEO)

මොහු හිටපු යුද හමුදා සෙබළෙකුක් වන අතර, ඔහුගෙන් දීර්ඝව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සොරකම් කරන ලද තවත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් කළුතර, ගුවන්ගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී සොයාගැනීමට හැකිව තිබේ.

මෙම සංවිධානාත්මක සොරකම් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු ද සැකකරු ප්‍රකාශ මත අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කළුතර, ගුවන්ගම සහ කටුකුරුන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන්වේ .

දිග නිවාඩුවකුත් ඇවිත් තාම ඡන්ද කාඩ් එක ලැබුනෙත් නෑ කියල බයවෙලාද හිටියේ..බදාදාට යන්න ළගම තැපැල් කාර්යාලයට ..

දිග නිවාඩුවකුත් ඇවිත් තාම ඡන්ද කාඩ් එක ලැබුනෙත් නෑ කියල බයවෙලාද හිටියේ..බදාදාට යන්න ළගම තැපැල් කාර්යාලයට ..

මෙලෙස සොයාගත් වාහන දිවයිනේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට ලබාදීමට සූදානම් කර තිබූ බවටයි අනවරණය වී ඇත.

මොවුන් මීට පෙර ද මෙලෙස යතුරුපැදි සහ තිරෝද රථ අපරාධ කල්ලි සඳහා ලබාදී ඇති බවට බවට ද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (15) දින කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.