මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට කැඳවීමක්.

Election Commission of Sri Lanka Sri Lanka Government Of Sri Lanka Election
By Hashini Apr 06, 2025 08:56 AM GMT
Hashini

Hashini

Report

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිලිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදු කරන බවයි.

සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානින් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ අදාළ රාජ්‍ය නිලධාරින් ලබන සතිය තුල මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා අදාළ දැනුවත් කිරීම සිදු කරන බවයි. 

තීරු බදු හේතුවෙන් I Phone මිලත් ඉහළට

තීරු බදු හේතුවෙන් I Phone මිලත් ඉහළට

ReeCha