ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට පෙත්සමක්.

Report

නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන්නේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසුරිය ඇතුළු පිරිසක් විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබුණා.

මෙම දැනුම් දීම සිදු කර තිබුණේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාය.