මුහුද මැදදී අයෙක්ට දිවි අහිමි කල ඛේදවාචකය ..
ඊයේ දිනයේදී කයිට්ස් කුරිකට්ටුවාන් ජැටිය ආසන්නයේදී බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වර්තා වේ.
එහිදී යාපනයෙ කුරිකට්ටුවාන් සිට නාගදීපය දක්වා භාණ්ඩ රැගෙන යමින් තිබූ බෝට්ටුවක් හදිසියේම පෙරළී යාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ .
කළු ගල් දැමූ උර ප්‍රවාහනය කරමින් සිටියදී බෝට්ටුව එක්වරම පෙරළී යාමත් සමගම එහි ගමන් ගත් හතර දෙනෙකු මුහුදට වැටී ඇති බවයි වාර්තා වනුයේ.
සිව්දෙනාගෙන් තුන් දෙනෙකු පිහිනා ගෙන ගොස් වෙනත් බෝට්ටුවක එල්ලී දිවි ගලවා ගැනීමට සමත් වූවත් එක් අයෙකු මුහුදේ ගිලී අතුරුදන් වී ඇත.
පසුව ඔහුගේ මල සිරුර හමු වී ඇති අතර පරීක්ෂණ කටයුතු සදහා මල සිරුර පුංගුඩුතිව් රෝහල වෙත බාර දි තිබේ .
අධික සුළං සහිත කාලගුණයක් තිබියදී බෝට්ටුවට බර පටවා ගෙන ප්‍රවාහනය කිරීම නිසා පෙරළී යන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුංකුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් තුන් දෙනා ද රෝහල් ගත කර ඇති අතර ඌර්කාවතුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .
