මැලේසියාවේ ඉදලා අපු තරුණයා ගමට බෙදන්න අරගෙන ආපු දේ..

Report

කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් නීති විරෝධීව රට තුළට විශ මත්ද්‍රව්‍ය ගෙන ඒමට තැත් කල ගුවන් මගියෙකු ඊයේ (18) දින රාත්‍රී 11.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයක් කර පලාගිය සැකකාරියක් අත්අඩංගුවට ..

ඝාතනයක් කර පලාගිය සැකකාරියක් අත්අඩංගුවට ..

වයස අවුරුදු 35ක් වන ශ්‍රී ලාංකිකයෙකුවන මෙම මගියා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලේ සිට කටුනායකට පැමිණි මෙම මගියා සතුව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.197ක් තේකොළ අඩංගු පැකට් වල සඟවා තිබී රේගුව සොයාගනු ලැබුවා.

අහිංසක රෝගියෙක් වෛද්‍ය­ව­ර­යකුට කරපු දෙයක්..

අහිංසක රෝගියෙක් වෛද්‍ය­ව­ර­යකුට කරපු දෙයක්..

රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටවීමටයි මෙම මගියා උත්සාහ දරා ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 250ක් බවටයි තක්සේරු කර තිබෙන්නේ.අදාළ ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාර දී තිබෙනවා.