ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් සමාජ මාධ්‍ය භාවිතයෙන් වංචනිකව විදේශ රැකියා ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව තොරතුරු ලැබී ඇත්තේ ඩුබායි රජ්‍යයේ රැකියා ලබාදෙන බව කියමින් එරට සේවය කළ පුද්ගලයෙක් විසින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවටයි.
ඔහු විසින් ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වීඩියෝ ප්‍රකාශ ලබා ගෙන තමන් රැකියාවට පැමිණියේ අදාළ පුද්ගලයන්ගේ මාර්ගයෙන් බවට ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.
ඉන්පසු එම වීඩියේ ප්‍රකාශන වංචනික ආකාරයට සකසා ඒවා Youtube හා Facebook ඔස්සේ ප්‍රසිද්ධ කොට මෙම ජාවාරම කර තිබෙන බවට වාර්තා වී ඇත.
මෙසේ සමාජ මාධ්‍යවල තොරතුරු පළකිරීමෙන් පසු ඊට හසුවන පුද්ගලයන්ගෙන් මුදල් වංචාකරමින් සිදුකරන ජාවාරම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශය මගින් ඉදිරි විමර්ෂන කටයුතු කරගෙන යන බව පවසයි.
මේ අතර ජාවාරමට හසුවූවන්ගෙන් කාර්යංශයට පැමිණිලි ද ඉදිරිපත් වී ඇත.
ඒ අනුව ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳව අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.
එසේම මේ පිළිබඳව තවදුරටත් විමර්ෂන කටයුතු සිදු කරන බව ද පවසයි. බලපත්‍රලාභී විදේශරැකියා නියෝජිතයන්ට පමණක් විදේශ රුකියාවලට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට අවසරය ලබාදී ඇත.
එමෙන්ම ඊට අදාළ ප්‍රචාරක කටයුතුවලට ද කාර්යංශයෙන් වෙනම අනුමැතිය ලබාගත යුතුවන බව සඳහන්.
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විගමණික ප්‍රජාව මුළාකරමින් සමාජ මාධය හරහා සිදුකරන මෙවන් ප්‍රචාරණවලට හසුනොවන ලෙසයි.
එසේම එවැනි ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම කාර්යංශයට දන්වන ලෙසත් පවසයි.
එම තොරතුරු දුරකථන අංක 1989 හෝ විශේෂ විමර්ෂණ අංශයේ 0112864123 අංකයට ලබාදිය හැකි බව පවසයි.

සුපිරි නිළිය හදිස්සියෙ මැරුණේ මේ නිසා, හේතුව ඇහුවොත් පුදුම වෙයි..වයසට යනවා කියලා මෙහෙම කරලා හරියනවද?
