අල්ලස් චෝදනා මැද දුමින්ද සිල්වාට අධිකරණ නියෝගයක්

Report

අයථා මුදල් ඉපයීම හා අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (20) අල්ලස් කොමිසමට අවසර ලබා දී තිබේ.

දෙමටගොඩ රුවන් ලෙස ප්‍රකට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ඇප ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කෙරේ.

මෙම සිද්ධියට අදාළව, දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පසුගිය 13 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතාද අවසර ලබා දී තිබුණි.

එහෙත්, එම අවස්ථාවේදී සැකකරු තම නීතිඥවරයාගේ උපදෙස් නොමැතිව ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

වාහන ආනයන ගැටලුවට අලුත් විසඳුම

වාහන ආනයන ගැටලුවට අලුත් විසඳුම

ඒ අනුව, ලබන 23 වනදා පෙරවරු 10ට බන්ධනාගාරය තුළදී නීතිඥවරයෙකුගේ ඉදිරියේදී ප්‍රකාශය ලබා ගැනීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම, අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය, සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, දෙමටගොඩ රුවන්ට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වූ මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව, සප්රාස් නවාස් සැකකරු ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්