රාත්‍රියේ රිය ධාවනය කරන රියදුරන්ට නොමිලේ තේ..

Report

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රාත්‍රී කාලයේ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ප්‍රාන්ත රජය විසින් නව යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

රාත්‍රියේ රිය ධාවනය කරන රියදුරන්ට නොමිලේ තේ.. | A New Proposal To Prevent Road Accidents In India

ඒ මාර්ග ආරක්ෂණ සතිය නිමිත්තෙන් ය.

ඒ අනුව ඔඩිෂා ප්‍රාන්ත ප්‍රවාහන දෙපාර්තමේන්තුව අධිවේගී මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රාත්‍රී රියදුරන්ට නොමිලේ තේ ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත.

රාත්‍රියේ රිය ධාවනය කරන රියදුරන්ට නොමිලේ තේ.. | A New Proposal To Prevent Road Accidents In India

මෙම යෝජනා ක්‍රමය ඊයේ (22) සිට ක්‍රියාත්මක වූ අතර එය ජනවාරි 7 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, ඒ අනුව මධ්‍යම රාත්‍රියේ සහ හිමිදිරියේ සියලුම දිස්ත්‍රික් ප්‍රවාහන නිලධාරීන්ට සහ රියදුරන්ට නිදිමත හෝ තෙහෙට්ටුවක් ඇති වුවහොත් නොමිලේ තේ ලබා දීමට නියමිත බව සඳහන් ය.