මෙහෙම ගියොත් ශ්රී ලංකාවේ ඉන්ධනවලට මොනවා වෙයිද? - ලෝක බොරතෙල් මිල යළිත් ඉහළට
By Malith Madushan
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා කරන පරිදි WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.38ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.35ක වැඩිවීමක්.
එමෙන්ම බ්රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 116.54ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය සියයට 1.44ක වැඩිවීමක් ලෙස දැක්වෙනවා.
කෙසේ වෙතත්, Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.76ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 0.39ක පහළ යාමක් බව වාර්තා වනවා.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ප්රධාන බොරතෙල් වර්ග දෙකක් වන WTI සහ Brent මිල ගණන් ඉහළ යද්දී Murban මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබෙනවා.