අද මුළු රටේම රාජ්ය විශ්වවිද්යාල වැසෙයි - ආචාර්යවරුන්ගෙන් හදිසි එක්දින වැඩවර්ජනයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) දිවයිනේ සියලුම රාජ්ය විශ්වවිද්යාලවල එක්දින වැඩවර්ජනයක් ක්රියාත්මක කිරීමට විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. සම්මේලනයේ ප්රධාන ලේකම්, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, මෙම වැඩවර්ජනය සමස්ත රාජ්ය විශ්වවිද්යාල පද්ධතියම ආවරණය වන පරිදි ක්රියාත්මක කරන බවයි.
විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ පවතින හිඟය, කාර්ය මණ්ඩලය මත පැටවී ඇති අධික වැඩබර සහ ප්රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මෙම වෘත්තීය ක්රියාමාර්ගයට හේතු වී තිබේ.
එමෙන්ම, වැඩවර්ජනයට සමගාමීව හෙට (31) දිනයේදී විරෝධතා පාගමනක් සංවිධානය කිරීමට ද සම්මේලනය සැලසුම් කර තිබේ මෙරට රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය මුහුණ දී සිටින ගැටලු සහ අභියෝග පිළිබඳව බලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේ ද අවධානය යොමු කරවීම මෙම වෘත්තීය ක්රියාමාර්ගවල අරමුණ බව චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.