අද රාත්‍රී 11.30 දක්වා ප්‍රබල අකුණු අවදානමක් - පළාතකට සහ දිස්ත්‍රික්ක 3කට කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Report

ඌව පළාත සහ අම්පාර, මඩකලපුව හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (30) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අකුණු සහිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් සහ අනාරක්ෂිත ස්ථානවල ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

අද සවස සහ රාත්‍රියේ ප්‍රබල අකුණු අනතුරක් - දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක්

අද සවස සහ රාත්‍රියේ ප්‍රබල අකුණු අනතුරක් - දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක්

බේකරි හිමියන්ගෙන් හදිසි තීන්දුවක් - පාන් ඇතුළු සියලු බේකරි කෑම මිල රුපියල් 5කින් ඉහළට

බේකරි හිමියන්ගෙන් හදිසි තීන්දුවක් - පාන් ඇතුළු සියලු බේකරි කෑම මිල රුපියල් 5කින් ඉහළට