මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට විමර්ශකයින් පනී
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ හා අක්රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගැනීමේ කටයුතුමේ වනවිට සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.
වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක් එක්ව මෙම දත්ත ලබාගැනීමේ ක්රියාවලිය සිදුකරන බව සඳහන් වේ. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවූ බවට චෝදනා එල්ල වී ඇති දූෂණ, වංචා සහ අක්රමිකතා පිළිබඳව පුළුල් ලෙස කරුණු අනාවරණය කර ගැනීම මෙම විමර්ශනයේ ප්රධාන අරමුණ වී තිබේ.
මෙම විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, GovTech ශ්රී ලංකා ආයතනයේ සහ ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික විශේෂඥයින් ද එක්ව සිටින බව වාර්තා වේ.
අදාළ පරිගණක දත්ත විශ්ලේෂණය කිරීම තුළින් දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අක්රමිකතා සම්බන්ධයෙන් තාක්ෂණික සාක්ෂි සහ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශකයින් අපේක්ෂා කරයි.