නෙතන්යාහුගේ බලයට අභියෝගයක් - ඊශ්‍රායලයේ බලය තීරණය කිරීමේ යතුර අරාබි පක්ෂ අතට

Report

ඊශ්‍රායලයේ පැවති 2026 මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඊශ්‍රායල මැතිවරණ මධ්‍යම කමිටුව බ්‍රහස්පතින්දා නිකුත් කළ අවසන් ප්‍රතිඵල අනුව නෙතන්යාහුගේ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 53ක් පමණයි.

විපක්ෂ සන්ධානයට ආසන 48ක් හිමිව තිබෙනවා. එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව 61ක් වන බැවින් කිසිදු ප්‍රධාන සන්ධානයකට තනිව එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වී නැහැ.

මෙම තත්ත්වය හමුවේ ආසන 19ක් දිනාගත් අරාබි පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණාත්මක බලවේගය බවට පත්ව තිබෙනවා.

නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය ආසන 27ක් දිනාගෙන ඇති අතර එය එරට පාර්ලිමේන්තුවේ විශාලතම තනි පක්ෂය බවට පත්වීමට නියමිතයි.

නොවැම්බර් 3 තීරණාත්මකයි - ඉරානයට බරපතල ප්‍රහාර - ට්‍රම්ප්ගෙන් යුද්ධයට කොළ එළියක්

නොවැම්බර් 3 තීරණාත්මකයි - ඉරානයට බරපතල ප්‍රහාර - ට්‍රම්ප්ගෙන් යුද්ධයට කොළ එළියක්

නෙතන්යාහුට එරෙහි අභියෝගය තවත් ඉහළට

නෙතන්යාහුට අගමැති ධුරය අහිමි වුවහොත් ඔහුට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිමය වගවීමකට මුහුණ දීමට සිදුවිය හැකි බව වාර්තා වනවා.

එමෙන්ම 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය එල්ල කළ දරුණු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශවල සිදුවූ අසාර්ථකත්වයන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ වීමේ ඉඩකඩක්ද පවතින බව සඳහන්.

මේ අතර නෙතන්යාහුගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියෙකු වන හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසන්කොට් ද අරාබි පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් කොන්දේසි සහිත එකඟතාවක් පළ කර තිබෙනවා.

අරාබි පක්ෂවල සහාය ලබාගැනීම හරහා නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා තෝරා පත්කර ගැනීම ඇතුළු වැදගත් තීරණවලට බලපෑම් කිරීමේ හැකියාවක්ද විපක්ෂයට හිමිවිය හැකියි.

කෙසේ වෙතත් නව ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පාර්ශ්වයකට නොහැකි වුවහොත් ලබන වසරේ මුල් භාගයේදී නැවතත් මැතිවරණයක් පැවැත්වීමට ඊශ්‍රායලයට සිදුවිය හැකි බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා. 

එප්ස්ටීන්ව සමාජ ශාලාවෙන් ඉවත් කළ බව ට්‍රම්ප් කියයි - ට්‍රම්ප් හදිසියේම හෙළි කළ කතාව

එප්ස්ටීන්ව සමාජ ශාලාවෙන් ඉවත් කළ බව ට්‍රම්ප් කියයි - ට්‍රම්ප් හදිසියේම හෙළි කළ කතාව