යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඇරඹෙයි
By Malith Madushan
යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද (30) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙන අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි විභාගය සිදුකෙරෙනවා.
දෙහිවල සහ රත්මලාන ප්රදේශවල පිහිටි ඉඩම් කොටස් පහක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.