රඛිත සහ චරිත්ට ලබාදුන් ඇප අවලංගු කරන්නැයි අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්
By Malith Madushan
‘හරක් කටා’ ලෙස හැඳින්වෙන නඳුන් චින්තක වික්රමරත්නගේ බිරිඳගෙන් අල්ලස් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගය අවලංගු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව, අදාළ ඇප නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා එම කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත.
එම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.