නගර රැසක වාතයේ ගුණාත්මකභාවය පහළට - දිස්ත්‍රික්ක 9කට අහිතකර තත්ත්වයක්- NBRO හදිසි නිවේදනයක්

By Kanchana Oct 30, 2026 05:29 AM GMT
Report

දිවයිනේ නාගරික ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතින බව 2026 ඔක්තෝබර් 30 වැනිදාට අදාළ දෛනික වායු ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, යාපනය, වවුනියාව, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම සහ මුලතිව් යන ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවති බව එම වාර්තාවේ සදහන් වේ.

 පවතින කාලගුණික තත්ත්වය අනුව ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකා වායු ගුණාත්මක දර්ශකය (SL AQI) 88ත් 120ත් අතර අගයක පැවතිය හැකි බවට අපේක්ෂා කරනු ලබයි තවද දිවයිනේ බොහෝ නාගරික ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, යාපනය, වවුනියාව, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල සහ පොළොන්නරුව යන ප්‍රදේශවල එය සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව ද වාර්තාවේ

තවද අද පෙරවරු 8.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට 5.00 දක්වා කාලය තුළ වායු ගුණාත්මක දර්ශකයේ ඉහළම අගයන් වාර්තා විය හැකි බව ද වාර්තාවේ සදහන්ය මෙම දෛනික වාර්තාව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.

බේකරි හිමියන්ගෙන් හදිසි තීන්දුවක් - පාන් ඇතුළු සියලු බේකරි කෑම මිල රුපියල් 5කින් ඉහළට

බේකරි හිමියන්ගෙන් හදිසි තීන්දුවක් - පාන් ඇතුළු සියලු බේකරි කෑම මිල රුපියල් 5කින් ඉහළට