ලංගමට නව සාමාජිකයෙක්

Report

ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සාමාජිකයකු ලෙස ලංකා මෙට්‍රො බස් සමාගම ලබන ඔක්තෝබර් 08 දින පිහිටු වන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

සම්පූර්ණයෙන්ම සියයට සියයක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සමාගමක් ලෙස මෙම සමාගම පිහිටවන බවත් නමුත් එහි ක්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට සමාන වන බවද අමාත්‍යවරයා පැවසයි.

මීට පස්සේ රේගුවෙන් බහලුම් පන්නනවා බොරු, කෘත්‍රිම බුද්ධියෙන් අලුත් වැඩක්

මීට පස්සේ රේගුවෙන් බහලුම් පන්නනවා බොරු, කෘත්‍රිම බුද්ධියෙන් අලුත් වැඩක්

ඒ අනුව ලබන 2026 වර්ෂයේ ජනවාරි පළමු වන දින සිට දුර ගමන් ධාවනයේ නිරත සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා මගීන්ට ද ආරක්ෂක බඳ පටි පැළඳවීම අනිවාර්ය කරන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.

"පුනරුදයට මග" තේමාව යටතේ බස් ඩිපෝ 25 ක් නවීකරණය කිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් තලංගම ඩිපෝ පරිශ්‍රයේදී පැවැති වැඩසටහන අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉල්ලපු විදිහටම වත්කම් - බැරකම් හෙළි නොකරපු මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවේදනයක්

ඉල්ලපු විදිහටම වත්කම් - බැරකම් හෙළි නොකරපු මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවේදනයක්

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පැරණි ලේලන්ඩ් සහ ටාටා බස් රථ වල ආරක්ෂිත බද පටි සවි කර නැති නිසා අලුතින් එයට බද පටියක් සකස් කරන ලෙස ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශවලට දැනුම් දී ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.