ළමුන් දෙදෙනෙකු අපයෝජනය කළ පුද්ගලයෙකු සිවුරකින් වෙස් වලාගෙන මාට්ටු වුනු හැටි මෙන්න..

CID - Sri Lanka Police Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna Jul 04, 2024 01:44 PM GMT
Aruna

Aruna

Report

බාල වයස්කාර ළමුන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක්කර පලාගොස් සිටි සැකකරුවෙකු සිවුරකින් සැරසී වෙස්වලාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන බවටයි වාර්තා වන්නේ.

ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු ගහපු ගේමක් මාට්ටු වෙයි...

ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු ගහපු ගේමක් මාට්ටු වෙයි...


සැකකරු හිමිනමක ලෙස සැරසී අනුරාධපුර පූජා භූමියක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවටයි පොලිසිය ප්‍රකාශ කළේ.

අපයෝජනයකට ලක්කළ ළමුන් අවුරුදු 14 සහ 16 වයස්වල පසුවන්නන් බවටයි වාර්තා වන්නේ.

සිදුවීමෙන් පසුව සැකකරු පලාගොස් මාස අටක පමණ සැඟවී සිටි බවටයි නිකවැරටිය මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.

හෙට දිවයින පුරා සියලු පාසල් වැසෙයි?..යළි කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

හෙට දිවයින පුරා සියලු පාසල් වැසෙයි?..යළි කරන්න යන දේ ගැන දැනුම්දීමක්..


සැකකරු හිමිනමක් සේ අනුරාධපුරයේ පූජා භූමියක් ආශ්‍රිතව සිටින බවට ලද තොරතුරක් මත උපක්‍රමශීලීව අත්අඩංගුවට ගත් බවටයි පොලීසිය ප්‍රකාශ කර තිබෙන්නේ. 

සැකකරු පාසැල් මුරකරුවෙකු මෙන්ම උපකාරක පංති ගුරුවරයෙකු බව තහවුරු වී තිබේ. 48 හැවිරිදි එක්දරු පියෙකු වන මොහු අද (04) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසුවේ.